තිස් වසරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව නටබුන් කරමින් පැවති එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහි ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකා හමුදාව දස දහස් සංඛ්‍යාත ද්‍රවිඩයන් ඝාතනය කළ බවට සාවද්‍ය වාර්තාවක් චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්රේ ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙරේදා (5 වැනිදා) ඉදිරිපත් කර ඇත.
මෙම වාර්තාවේ සාක්ෂිකරුවන් ලෙස දක්වා ඇත්තේ වන්නියේදී කොටි සමඟ එක්ව කටයුතු කළ මානිකුමාර් නමැති බ්‍රිතාන්‍ය කාන්තාව සහ කොටින්ගේ නිල නොවන ඡායාරූප ශිල්පියා වූ බෙන්ජමින් ඩික්සි නමැත්තායි.
කොටි සංවිධානය වනසා දැමීම සඳහා 2008 දී ශ්‍රී ලංකා හමුදාව ම්ලේච්ඡ ඝාතන මෙහෙයුමක් දියත් කළ බව දක්වන මැක්රේ සිය වාර්තාවෙන් කොටි සිදු කළ බිහිසුණු ක්‍රියා අනාවරණය කර නැත.







