FAST NEWS

24×7 Around the Globe

මඩකලපුවේ අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

මෙවර මැතිවරණයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග  වදින අපේක්ෂකයින් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.
එ් කාත්තන්කුඩි ප්‍රදේශයේදී මඩකලපුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
එම අවස්ථාව සන්ධාන අපේක්ෂක ඉස්බුල්ලාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එකක් බව ද සදහන්.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායම් හතර යටතේ තරග වදින කාත්තන්කුඩි නගර සභාවේ හිටපු නගරාධිපති ෂාවුල් හමීඞ් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන කලන්දර් ලෙබ්බේ මුහම්මදු ෆරීඞ් යන අයයි.
සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත එම ස්ථානයට ගිය අවස්ථාවේදියි අපේක්ෂකයාගේ ආධාරකරුවන් පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කර ඇත්තේ.