FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ඇමැතිවරු සමුගැනීමට මධ්‍යම කාරක සභාව ඉල්ලති.

ආණ්ඩුවේ දැනට දරණ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමේ තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිපයේ ඇමැතිවරු පිරිසක්  ජනපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

එම ලිපිය නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා අද (05) ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී මාධ්‍යයට ලබා දුන්නේය.  පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අනුව ඇමැතිකම් භාර ගත් තමන් තනි පුද්ගලයන් වශයෙන් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීම ශ්‍රීලනිපය වැනි පක්ෂයකට සුදුසු නොවන බවත්, සැමවිටම තීරණ ගත යුතු වන්නේ සාමූහිකව බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

තමන්ට අවශ්‍ය වන්නේ එජාපය සමඟ හවුල් ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවන් නොව ශ්‍රීලනිප ආණ්ඩුවක් බව ද, එජාප ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තේ ව්‍යවස්ථා සංශෝධන ශ්‍රීලනිපයට අවශ්‍ය පරිදි සම්මත කර ගැනීමේ අරමුණෙන් බව ද ඇමැතිවරු කියති.