FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රීන්ගේ ආරක්ෂාව මැ.කො යටතට.

පොලිස් ආරක්ෂාව අවශ්‍ය හිටපු මන්ත්‍රීවරුන් විසින් මැතිවරණ කොමසාරිස්වරයා හරහා ඉල්ලීමක් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  ප්‍රකාශ කළේය. ඒ මහතා ප්‍රකාශ කර සිටි පරිදි මෙසේ ආරක්ෂාව ලබා දිය යුතු දැයි තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසිනි.

මැතිවරණ කොමසාරිස් තීරණය අනුව එම එක් හිටපු මන්ත්‍රීවරයෙකුට පොලිස් කොස්තාපල්වරු දෙදෙනා බැගින් ලබා දීමට නියමිත බව ද සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

දැනටත් හිටපු මන්ත්‍රීවරුන් 40කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින බව ගුණසේකර මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.