එංගලන්තයේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් විසින් අධෝවාත සැඟවිය හැකි අපූරු කලිසම් සහ පිජාමා කලිසම් වර්ග හඳුන්වා දී තිබේ.
ෂ්‍රෙඩීස් සමාගම මීට පෙර එම වර්ගයේම යට කලිසම් වර්ගයක්ද හඳුන්වා දුන් අතර ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතින බවද එම සමාගම පවසා තිබේ.
නවීන විලාසිතාවන්ට අනුව නිර්මාණය කර ඇති මෙම කලිසම් ප්‍රථමයෙන් නිෂ්පාදිත යටකලිසම් සඳහා යොදාගත් ෆිල්ට්‍රෙක්ස් (Filtrex) තාක්ෂණයම යොදාගනිමින් නිර්මාණය කර ඇත.
ඒ හරහා අධෝවාත වලින් නික්මෙන හඬ වළක්වනවා පමණක් නොව එහි ගඳද අවම කිරීම සිදුකරයි.








