FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර සිද්ධිය ‘‘බැඳුම් කර මගඩිය’’ නම් කෘතියක් ලෙස දොරට වඩියි.

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘‘බැඳුම්කර මගඩිය’’ නම් කෘතිය ඊයේ (03) එළිදැක්වුණා. එම අවස්ථාවට කෝප් කමිටු හිටපු සභාපති ඩිව් ගුණසේකර, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රජිව් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ තොරතුරු සරල බසින් ජනතාවට අවබෝධ කරදීම උදෙසා මෙම කෘතිය රචනා කළ බවයි මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා සඳහන් කළේ.

සිය හත්වන කෘතිය ලෙස ‘‘බැඳුම්කර මගඩිය’’ එළිදක්වනු ලැබුවේ මෙම සිදුවීම පිළිබඳව සාමාන්‍ය ජන සමාජය තුළ පැවති අවබෝධය සහ එවැනි ගනුදෙනුවක පසුබිම පිළිබඳ සමාජ අවබෝධයක් ඇතිකරවීම සඳහා බවයි කතුවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී කෘතිය එළිදක්වන අවස්ථාවට එක් වූ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සඳහන් කළේ මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විවාදයකට තමා අගමැතිවරයාට කළ අභියෝගය තවමත් විවෘත බවයි.