FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කොටස විවෘත කරන්නැයි මහින්දට අරාධනා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස මහාමාර්ග අමාත්‍යංශ ‍ලේකම්වරයා හට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඊට අමතරව එවකට රජයේ මහාමාර්ග විෂය භාරව සිටි ඇමැතිවරයාටද ආරාධනා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද දේශප්‍රිය මහතා කීවේය.

මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති මාධ්‍ය උපමාන පිළිබඳව ක්‍රියා කිරීමේ කමිටු රැස්වීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.
මැතිවරණ කාලය තුළ මෙවැනි උත්සවයක් පැවැත්වීමෙන් දේශපාලන පක්ෂයකට අසාධාරණයක් සිදුවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

යම් ලෙසකින් එය සිදු කිරීමට කටයුතු නොකරන්නේ නම් එම උත්සවය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිදු අපේක්ෂකයකු නොමැතිව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පමණක් එය සිදු කරන ලෙසද තමන් මහාමාර්ග අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දැනුම් දෙන බවද දේශප්‍රිය මහතා කීවේය.

එසේම කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය තමා බලයේ සිටියදී ආරම්භ කළ බවත් එහි වැඩ නතර කිරීමෙන් පසුව ඡන්දයට සති කිහිපයකට කලින් යළි ඇරඹූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියි.