FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අගමැති සුරතින් ඇරඹේ.

රුපියල් බිලියන පන්සිය හතළිහක වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සඳහා කලින් ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා සියයට පනහක් අඩු වියදමකින් චීනයේ මෙට්රෝජිකල් සමාගම විසින් අධිවේගී මාර්ගය ඉඳි කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මාර්ගය ඉඳි කිරීමේ පළමු අදියර වන කිලෝමීර් 37ක් වූ කඩවත සිට මීරීගම දක්වා මාර්ගය කඩවත සිට කොස්සින්න දක්වාත් කොස්සින්න සිට මීරිගම දක්වාත් පළමුවෙන්ම ඉඳි කෙරේ.

මීරිගම සිට ‍කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.7ක කොටස, මීරිගම සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 9.3ක කොටස , පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමිටර් 32.5 ක්වූ කොටස,කුරුණෑගල සිට රිදීගම දක්වා කිලෝමීර් 12.5 ක්වූ කොටස, රිදීගම සිට මැල්සිරිපුර දක්වා කිලෝමීටර් 18.9 ක්වූ කොටස, මැල්සිරිපුර සිට ගලේවෙල දක්වා කිලෝමීටර් 16.2 ක්වූ කොටස සහ ගලේවෙල සිට දඹුල්ල දක්වා වු කිලෝමීටර් 12.7 ක්වූ කොටස වශයෙන් අධිවේගී මාර්ගයේ ඉඳි කිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබේ.