එළඹෙන මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුදලයි පුලිගල් (ටී.එම්.වී.පී) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ආසනයක් ලබාදීමට දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවූ බව එම පක්ෂ ආරංචි කියයි.
ටී.එම්.වී.පී පක්ෂය මෙවර මැතිවරණයට ස්වාධීනව තරග කිරීමට සූදානම් වූ බවත් එම එකඟතාවය මත සන්ධානය යටතේ තරග කිරීමට තීරණය කළ බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි සඳහන් කළේය.
පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැති ලෙසද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු ලෙසද කටයුතු කර ඇත.







