එක්සත් ජාතික පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ට සහයෝගය පල කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂය සංවිධානය කල ජන රැළියක් ඊයේ (02) ත්‍රිකුණාමලය පුදුමොට්ටෙයිහිදී පැවැත්වුණි.
එම ජන හමුවට ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ නායක එක්සත් ජාතික පෙරමුණේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා එක්ව සිටියේය.











