FAST NEWS

24×7 Around the Globe

තඹුත්තේගම විරෝධතාවක් අතරතුර පොලිසියට ගල් මුල් – 44ක් පොලිස් දැලේ

රාජාංගනය ජලාශයේ ජලය ප්‍රයෝජනයට ගනිමින් අනුරාධපුරයේ ප්‍රදේශ ජලය බෙදා හැරීම සදහා තඹුත්තේගම නගරයේ විරෝධතාවක් පැවැත්වුණා.
පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා.
විරෝධතාකරුවන් විසින් පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාරද එල්ල කළ අතර කලහකාරී අන්දමින් හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුළු 44 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරයන්ට ලක්වූ පොලිස් නිළධාරීන් 04 දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙක් රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.