FAST NEWS

24×7 Around the Globe

හිටපු මුදල් ඇමතිගෙන් පැය 04 ක ප්‍රශ්න කිරීමක්…

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඊයේ (27) දිනයේදී පැය 04 ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ.
බැදුම්කර නිකුත් කිරීම පිළිබදව ජනාධිපති විසින් පරීක්ෂා කර බැලූ වාර්තාව අල්ලස් කොමිසමට යොමුකර තිබූ අතර එම වාර්තාව පදනම් කරගෙන හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීමට ලක්කර ඇත.
රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ සුදුසු පියවර ගතයුතුදැයි තීරණය කරන ලෙසත් ජනාධිපති කොමිසම එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
ඒ මහතා අමාත්‍යධූරය දරණකාලයේ ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචිව සිටි කොල්ලුපිටියේ ‘මොනෑක් එපාර්ට්ස්මන්ට්’ සංකිර්ණයේ නිවාස සදහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයක් විසින් බදු මුදල් ගෙවීමෙන් ඔහුට ප්‍රතිලාභ ලැබුනේද යන්න පිළිබද සොයා බලන ලෙසත් එම වාර්තාවේ සදහන්ව තිබුණි.
පෙරවරු 9.30 ට පමණ මෙම ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති අතර පස්වරු 1.30 ට පමණ රවී කරුණානායක මහතා කොමිෂන් සභා කාර්යාලයෙන් පිටවී ගොස් ඇත.
‍ ‍