FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු 12..

ඉ2015 අ.පො.ස. උස්ස පෙළ ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මස 12 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
මෙ අනුව බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවෙයි.
දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය.
DE සිල්වා