FAST NEWS

24×7 Around the Globe

නුවරඑළිය බස් රථ අනතුරකින් 13 ක් රෝහලේ

අද(27) පෙරවරුවේ නුවරඑළිය අඹන්ඇල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් 13 ක් අනතුරට ලක්ව ඇති බව පොලිසීය කියයි.
මෙම අනතුරින් කිසිවෙක් බරපතළ තත්ත්වයේ නොවන අතර අනතුරට හේතුව බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් සිදුව ඇති බව පොලිසිය වැඩි දුරටත් පවසයි.