FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය වෙනුවෙන් වු අතුරු තහනම දිර්ඝ කෙරෙයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය.
අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන  විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිමෙන් අනතුරව මෙම නියෝගය ලබා දුන්නේය.
පසුගිය රජය සමයේ ඩී.එ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමෙදි රුපියල් මිලියන 90 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලබන පරික්ෂණවලද අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණී.
DE සිල්වා