FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණයෙන් ලක්ෂ 03 කට දැඩි පීඩා

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති වියළි කාලගුණය හේතුවෙන් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.
මේ තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ අනුරාධපුර , පොලොන්නරුව , පුත්තලම , මන්නාරම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වන අතර එම ජනතාව පවසන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා පවා ජලය සපයා ගැනීම දැඩි අසීරු වී ඇති බවයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සදහන් කරයි.