FAST NEWS

24×7 Around the Globe

දිවයින ආසන්නයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි..

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාළගුණ විද‍්‍යා දෙපාර්තුමේන්තුව අද (27) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර , නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී. 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
එසේම දිවයිනේ උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා