FAST NEWS

24×7 Around the Globe

අර්ජුන්ට සිංගප්පුරු යැවු නොතිසීය ආපසු හැරෙයි..!!!

ප්‍රශ්නගත බැදුම්කර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්,කර සිටින ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමමේන්තුව වෙත වාර්තා කොට ඇතැයි
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නිකුත් කල නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතිසිය මහෙන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201 cascaden road. # 18-1 the tamlison Singapore 2497726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණ විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහෙන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව ඞී.එච්.එල්. කුරියර් සේවය සදහන් කර තිබේ.