FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස හෙයියන්තුඩුවගේ මහතා පත් කෙරේ…

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වශ්‍යයෙන් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා පත්කිරිමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා කටයුතු කර තිබේ.
මෙතෙක් කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ මනිලාල් වෛද්‍යතිලක මහතා සිවිල් අභියාචන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස පත් කිරීමෙන් ඇතිවු පුරප්පාඩුවට මෙම පත් කිරිම සිදු කෙරුණි.
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට හෙයියන්තුඩුව මහතා කොළඹ අංක 02 මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.