FAST NEWS

24×7 Around the Globe

සේවයට රතු එළියක් – බ්‍රිගේඩියර් ප්‍රියංකව චීනයට යවයි !!!

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ලබාදී ඇතැයි ,මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර අද දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ බ්‍රිතාන්‍ය තානාපති සේවය අවලංගු වන බවද එ මහතා පවසයි.
එසේම බ්‍රිගේඩියර්වරයා ලංකාවට නොගෙන්වා මහකොමසාරිස් කාර්යලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එ මහතා කියයි.
කෙසේ වෙතත් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා තිබෙන බවත් ඒ මහතා වැඩි දුරටත් මෙහිදි සඳහන් කර සිටියේය.

DE සිල්වා