FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුවට තහනමක්..

හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තහනම් නියෝගයක් නිකුත් කළේය.
පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති අභියාචනය විභාග කොට අවසන් වන තුරු මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අදාළ නියෝගය ලබා දුන්නේය.

DE සිල්වා