FAST NEWS

24×7 Around the Globe

නීතිය හා සාමය සරත් ෆෝන්සේකා මහතාට ලබාදෙනවා..

අගමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යධූරය භාරගත්තේ සති දෙකක කාලයකට බවත් ඉන්පසු එය ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතාට ලබාදෙන බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී අනාවරණ කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකක කාලයක් සදහායි. ඉන් පසු එම අමාත්‍යධූරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරනවා. සරත් ෆොන්සේකා මහතාගේ පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැතියි. නමුත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැතියි. කෙළින් තීන්දු ගන්නා දක්ෂයන් අවශ්‍යයයි. ඩබල් ගේම් ගහන අය මෙම තනතුරට සුදුසු නැහැ. රණවිරුවන් ගැන කථා කරන අය පිළිගත යුතුයි සරත් ෆොන්සේකා මහතාත් රණවිරුවෙක් කියලා. අද මීනි මැරූ, කොල්ල කෑ පුද්ගලයින් ද රණවිරුවන් ලෙස නම් කර තිබෙනවා. රජය තීන්දු තීරණ සාධාරණව ගත යුතුයි. ඇමැතිධූර සදාකාලික නැහැ. පුද්ගලයින් දෙස බලා තීන්දු තීරණ නොගත යුතුයි. දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ තීන්දු වලට වඩා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුයි. ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය හදන්න දෙන්න බැහැ.” යනුවෙන් පැවසීය.

DE සිල්වා