FAST NEWS

24×7 Around the Globe

ගුවන් ප්‍රමාදයෙන් කටුනායක උණුසුම් වෙයි…

කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව විමට තිබු ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) උදැසන නියමිත වේලාවට පිටත් නොවිම හේතුවෙන් ගුවන් මගීන් පිරිසක් පැය 08 ක අධික කාලයක් අපහසුතාවයට පත්ව ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
අදාළ ගුවන්යානා වල හට ගත් කාර්මික දෝෂ කීපයක් හේතුවෙන් ගුවන්යානා මෙසේ නියමිත වේලාවට ධාවනය නොවි ඇති බවත් මෙම ප්‍රමාදයත් සමඟ ගුවන් මගීන් සහ බලධාරින් අතර නොසන්සුන් තාවයක්ද හට ගෙන ඇති බවද පැවසේ.
ප්‍රමාද වූ ගුවන් යානා අතර යුඑල් 119 ගේන් අයිලන්ඩ්,යුඑල් 121 චෙන්නායි , යුඑල් 109 මාලේ, යුඑල් 165 කෝචින්,161 ත්‍රිවින්දම්, යුඑල් 219 දොහා, යුඑල් 183 කරච්වි, යුඑල් 866 ෂැංහායි, යුඑල් 127 චෙන්නායි ගුවන්යානා වන බවද වැඩි දුරටත් සඳහන්.
DE සිල්වා