FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට අධිකරණයෙන් සිතාසී..

හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වු තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවකට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා වෙත සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය (26) නියෝග කළේය.
එ අනුව එම දෙපළට ජුලි මස 24 වැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙස එමගින් නියෝග කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තිස්ස අත්තනායක මහතා විසින් සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස සැකසී යැයි නඩුවකට අදාළව මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබිය.

DE සිල්වා