FAST NEWS

24×7 Around the Globe

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කෙරේ..

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ද සිට මාර්තු 02 දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටියි.
මේ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය ආදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වෙතින් එම අයදුම්පත් ලබාගත හැකි බව එම කාර්යාංශය පවසයි.
මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වීමට නියමීතය.
කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන බවත්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා ත් විභාගය පැවැත්වීමට නියමීත බව එම කාර්යාශය පවසයි.
මේ සඳහා අයැදුම් කළ හැක්කේ, වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකිකයින්ට පමණි.
අයැදුම්පත‍්‍ර සම්පූර්ණ කිරීම සඳහා තම ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක් ද සෙ.මි 3.5 × 4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3 ක් තිබිය යුතු බවත් ,අයැදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

DE සිල්වා