FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සති දෙක ඇතුළත අමාත්‍යධූර සංශෝධනයන් සිදුකරන බව ජනපති පවසයි

ඉදිරි සති දෙක ඇතුළතදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ අමාත්‍යධුර සංශෝධනයන් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සදහන් කර සිටියේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් අවශ්‍ය වෙනස්කම් ඉදිරියේදී සිදු කරන බවත් සහ ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප්‍රතිසංවිධානයට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
මැතිවරණයක ඇතිවන ප්‍රතිඵල මත අපේ රටේ පමණක් නොව වෙනත් රටවලත් ඒ රජයන් විසින් යම් යම් තීන්දු තීරණ ගන්නා බවත් මේ ප්‍රතිඵලය මුල් කරගනිමින් මෙය අධ්‍යයන කරමින් ජයග්‍රහණය සඳහා වන රජයේ වැඩපිළිවෙළ ජනතාව තුළ ආකර්ෂණය කරවීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්නුම් කර තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.