දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (26) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් ,සෙසු ප්‍රදේශවල තැනින් තැන ,විශේෂයෙන් සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි සඳහන්.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී. 100 වැඩි තදවැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම දිවයිනේ උතුරු සහ වයඹ පළාත් වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී 40දක්වාතරමක් තද සුළං බලාපොරොත්තු වෙයි.
DE සිල්වා








