එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අද (26) දිනයේ ආරම්භ වන අතර ,එම සැසිවාරය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සැසිවාරය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඇතුළු පිරිස සහභාගීවිමට නියමිතය.
ඒ අනුව මාර්තු මස 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමීතය.
ඒ පසුගිය වසරේ පැවැති සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සෙසු රටවල් සිදු කළ යෝජනාවකට අනුවයි.
කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ අදාළ ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මාර්තු මස 21 වැනිදා විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණූ දැක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
DE සිල්වා








