FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාවටයි…

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) වවුනියාවේදී පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එලෙස පැවසුවේය.
“ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා. ඔහු දැන් ඇවිල්ල ඉන්නවා. දැන් මම ඉන්නේ කොළඹින් පිට. නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා“
ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක්. නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලයි. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක  සුදුසුයි කියා මම හිතනවා“
“ඒ වගේම කනගාටු වෙනවා, මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක කාරණාවක් කරගෙන තියන එක ගැන. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි. මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ. මේක එක්තරා සිදුවීමක් විතරයි“