ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා රුපියල් 29 කින් ඉහල නංවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
දේශීය අර්තාපල් අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන හෙයින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද අමාත්‍යංශය කියයි.






