FAST NEWS

24×7 Around the Globe

රජරට රැජිනට වසර 50 ක් සපිරීම වෙනුවෙන් විශේෂ කටයුත්තක්

“රජරට රැජින” දුම්රියට ලබන 26 වැනි දිනට අවුරුදු  50ක් සපිරීම නිමිත්තෙන් එහි විශේෂ දුම්රිය මැදිරියක් සහිතව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා සදහන් කරයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වව්නියාව දුම්රිය ස්ථානය දක්වා මෙම විශේෂ මැදිරිය සහිත දුම්රිය ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
රජරට රැජින දුම්රිය 1968.02.26 වැනි දින පළමු දුම්රිය ධාවනය සිදු කර තිබෙන අතර දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කළ බවද අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසා සිටී.