FAST NEWS

24×7 Around the Globe

ෆෝමලින් යොදා මාළු විකිණූ කාන්තාවක් අත්අඩංගුවට

යාපනයේ කයිට්ස් කායම්කුලම් වෙළෙඳසැලේ ෆෝමලින් යෙදූ මුහුදු මාළු අලෙවි කරමින් සිටි කාන්තාවක් කයිට්ස් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කයිට්ස් දිසා විනිසුරු ඒ.එම්.එම්.රියාල් මහතා විසින් රුපියල් 3000 ක දඩයක් සැකකාරිය වෙත නියම කොට තිබේ.
මහජන පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.
මෙම කාන්තාව කාලයක් තිස්සේම මෙම වෙළෙඳසැලේ මාළු අලෙවි කරන අතර ඇය විසින් ෆෝමලින් යොදන ලද මාළු විකුණූ ප්‍රථම අවස්ථාව මෙය බව පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා.