FAST NEWS

24×7 Around the Globe

මාර්තු 26 සිට ත්‍රිරෝද රථ අවම ගාස්තුව රුපියල් 60 යි..

ත්‍රිරෝද රථ අමතර කොටස්‌ ඉහළ යැම නිසා ලබන 26 වැනිදා සිට කුලී ත්‍රිරෝද රථ අවම ගාස්‌තුව වන රුපියල් 50 ගාස්‌තුව රුපියල් 60 දක්‌වා ඉහළ දමන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මීට අමතරව කල්බදු සමාගම් ත්‍රිරෝද රථවලට සිදුකරන අසාධාරණයන් සහ ගෙන්වා ඇති ව්‍යාජ ත්‍රිරෝද රථ අමතර කොටස්‌ සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසමට ලබන 26 වැනිදා පැමිණිල්ලක්‌ කරන බව ද හෙතෙම පැවසීය.
DE සිල්වා