FAST NEWS

24×7 Around the Globe

ඇමති ෆවුසිගේ නඩුව ලබන ජුනි දක්වා කල් යයි…

ආපදා කළමනාකරන අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් අවභාවිතා කර රජයට පාඩු කළැයි ,අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සම්බන්ධ නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි 25 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානයක මහතා විසින් මෙම නියෝගය සිදු කළේය.