FAST NEWS

24×7 Around the Globe

පුත්තලමේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ව අත්අඩංගුවට ගන්නැයි නියෝග..

ගිනි අවි ආඥා පනත  යටතේ ගොනුකරන ලද නඩුවකට  අද (22) අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින්  වරෙන්තුවක් නිකුත් කර ඇත.

හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර මන්ත්‍රිවරයාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු  වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබුණි.

සැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.