FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප සභාපතිකම මහින්දට නොදුන්නොත් පොදුජන පෙරමුණෙන් එනවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට වත්මන් නායකත්වය කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් තරග වදින බව එහි හිටපු උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකධුර හා වෙනත් තනතුරු දැරූ පිරිසට නැවත එම තනතුරු දී පක්ෂය ප්‍රතිසංවිධානය වුවහොත් නැවත ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණවලට ඉදිරිපත් වන බවද හෙතෙම මෙහිදි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
DE සිල්වා