FAST NEWS

24×7 Around the Globe

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස්වැසුම් සොයා වැටලිම්..

නිසි ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් අළෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇති බව ,එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙ අනුව ඒ සඳහා වැටලීම් ආරම්භ කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන් බවත්, ලබන මස සිට මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එ මහතා පැවසීය.
නිසි ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස් වැසුම් මිලදී ගැනීමට ජනතාව වගබලා ගත යුතු බවද, නිසි ප්‍රමිතියෙන් තොර හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය අනතුරුදායක බවත් එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා