FAST NEWS

24×7 Around the Globe

ඛනිජතෙල් වෘත්තිය සමිති වර්ජනය අත්හරියි…

අද (22) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ග නවතා දැමූ බව ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
සිය ඉල්ලිම වු වැටුප් ගිවිසුමට අනුව ඉහළ දැමූ වැටුප ලබාදීමට, ඊයේ (21) රාත්‍රී බලධාරීන් සමග පැවැත්වු සාකච්ඡාවේදි එකඟත්වයකට පැමීණම නිසා මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවු බවද හෙතෙම කියයි.
වසර තුනකට වරක් සිදුවන වැටුප් සංශෝධනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණත් කොලොන්නාව සීමාවේ සේවකයන්ට හා තොග ගබඩා සේවකයන්ට අදාළ සංශෝධනයට අනුව වැටුප් ලබානොදී තිබුණ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
DE සිල්වා