FAST NEWS

24×7 Around the Globe

දියතලාවේ බස් රථ පිපිරිම ගැන 13 ක ගෙන් ප්‍රකාශ ගැනෙයි..

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදි ඊයේ (21) පෙරවරු බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරී ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 13 ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රැවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එම අනතුරින් බස් රථය තුළ සිටි මගීන් 19 නෙකු තුවාල ලැබු අතර පිපිරීමට හේතුව ගමන් මල්ලක් තුළ තිබූ අත්බෝම්බයක් පුපුරා යාම බවත් ,කිසිසේත්ම මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ රජයේ රස පරීක්ෂකවරයා ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
දියතලාව පොලිසිය සහ යුද හමුදා පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරම්න් පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහක් කළේය.