FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ට එරෙහි නඩුව විභාග කිරීමට සැරසෙයි…

සුනාමි ව්‍යසනය හා යුද ගැටුම් හේතුවෙන් පිඩාවට පත් වු උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමට සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ රුපියල් මිලයන 200 ක් වංචා කළ බවට චෝදනා කරමීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරිමට දින නියම කිරිම සඳහා ලබන 23 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ අද (21) නියෝග කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබු මුලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරිමට තිරණය කිරිමෙන් පසුව අද (21) මෙම නියෝගය නිකුත් කළේය.්