FAST NEWS

24×7 Around the Globe

පෙබරවාරි 24 වැනිදා සිට කාළගුණයේ වෙනසක්..

දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තුව වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) මධ්‍යහනයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඒ වනතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතින බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් හෙට දිනයේදීත් පැවතිය හැකි බවත්, දිවයිනේ සමහර ප්‍රදේශවල (විශේෂයෙන්දිවයිනේදකුණු අර්ධයේ) උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා