FAST NEWS

24×7 Around the Globe

බලය පිහිටුවන ආයතන සඳහා තනතුරු ලබා දීමට පොදුජන පෙරමුණ නිර්ණායක 04 ක් සැලකිල්ලට ගැනෙයි….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය පිහිටුවන පළාත් පාලන ආයතන සඳහා වු තනතුරු ලබා දීමේදී නිර්ණායක 04 ක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසදය කියයි.
මෙ අනුව 2015 ජනවාරි 08 වැනිදායින් පසුව ඒකබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටිම මෙහි පළමු නිර්ණායක වන බව පැවසේ.
එසේම හිටපු සභාපතිවරුන්හ හා නගාරාධිපතිවරුන්ට තනතුරු හිමී වන බව දෙවන නිර්ණායක වී තිබේ.
මීට අමතරව ඡේෂ්ඨත්වය හා ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ආසන සංවිධායකවරුන්ගේ නිර්දේශ මත තනතුරු සඳහා පත් කිරිම තෙවන නිර්ණායකය වී තිබේ.
තවද කොට්ඨාශයකින් පරාජය හිමී වු අපෙක්ෂකයෙක්ට මන්ත්‍රී ධුරයක් හිමී වුවද තනතුරු ලබා නොදීම මෙහි සිව්වන නිර්ණායකය වි තිබේ.
එසේම මෙම පත්කිරිම් සියල්ල දිස්ත්‍රික් මට්ටමීන් සිදු කෙරෙන බවද එම සංසදය පවසයි.
DE සිල්වා