FAST NEWS

24×7 Around the Globe

2018 උසස් පෙළ අයැදුම්කරුවන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් රතු එළියක්..

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් බාර ගැනීමේ කාලය පෙබරවාර 23 වැනිදායින් අවසන් කෙරෙන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
එ අනුව පාසල් විභාග අයැදුම්කරුවන් විදුහල්පතිවරු මාර්ගයෙන්ද ,පෞද්ගලික අයැදුම්කරුවන් 23 වැනි දින හො ඊට ප්‍රථමයෙන් සිය අයැදුම්පත් දෙපාර්තුමේන්තු වෙත ලැබීමට සැලැස්වීය යුතු බව පවසයි.
අදාළ දිනට පසුව ලැබෙන අයැදුම්පත් කිසිඳු හේතුවක් මත හෝ භාර නොගන්නා බවද එම දෙපාර්තුමේන්තුව සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
DE සිල්වා