FAST NEWS

24×7 Around the Globe

මාර්තු 26 වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යයි !!!

ගෙවීගිය කාලය තුළදී ත්‍රිරෝද රථ සහ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල 150% කින් ඉහළ ගොස් ඇති බැවින්, මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දැමීමට අවධානය යොමුව ඇති බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.
බදු ඉහළ දැමීම මත ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල ඉහළගොස් , මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මෙම පියවර ගන්නා බවද එම සංගමය කියයි.
මේ අනුව මාර්තු 26 වැනිදා සිට දැනට දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40 ක මුදල රුපියල් 50 ක් බවට පත් කරන බවද එම සංගමය කියයි.
ඒ අනුව ත්‍රිරෝද රථ මගීන්ට ලැබී තිබූ එකම සහනය අහෝසි වී යන බවත් එම සංගමය පෙන්වා දෙයි.
දැනට පවතින ක්‍රමවේදයට අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50ක් අයකරන අතර, දෙවැනි කිලෝමීටරයේ සිට අයකරනු ලබන්නේ රුපියල් 40 බැගින්ය.
DE සිල්වා