සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතා අද (21) දින ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වෙත රහස් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව අධිකරණ වාර්තා පවසයි.
මෙම ඝාතනය සිදු වන වකවානුවේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ඡේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු එ මහතා ,ඉකුත් 16 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමකට අනුව හේමන්ත අධිකාරි මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග ලබාදී තිබිණි.
මේ වනවිටත් මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට හිටපු ඡේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.
DE සිල්වා








