FAST NEWS

24×7 Around the Globe

අනධ්‍යයන සේවකයෝ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යති..

සියලු අනධ්‍යයන සේවකයන් එළැඹෙන 28 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පවසයි.
සේවකයන්ගේ ඉල්ලීම්වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශ්වයකගේ අවධානය මෙතෙක් යොමු වී නොමැති බැවින් මෙම වර්ජනය සිදු කෙරෙන බවද එ මහතා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා උසස් අධ්‍යාපන ඇමැතිවරයාට සිය කමිටුව හා එකඟ වූ එකඟතා ක්‍රියාවට නැංවීමට වසර 1 1/2ක් යන තුරු නොහැකි වූ බවද, එම එකඟතා ක්‍රියාවට නංවනවා තබා පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාර සහ සිදුකළ සාකච්ඡා පිළිබඳ කිසිදු වගවිභාගයක් නොකොට නිහඬව සිටීම පිළිකුල් සහගත බවද හෙතෙම හෙතෙම වැඩ දුරටත් පැවසීය.
DE ිල්වා