සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්යක් බවද තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත් , පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්රහණය කර තේරී පත්වූ සභිකයන් 07 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේය.
නාගරික සභික ධුර ප්රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද ඔවුහු ප්රකාශ කළහ.
එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුහු මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.
ගම්පහ බඩල්ගම ප්රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන , දිලන්ති කුසුම්සිරි , බෝඹුවිල දේවගේ ජොසපින් , චමිඳු ලක්ෂාන් රණසිංහ , ධම්මිකා නිශාන්ති , ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.
DE සිල්වා