FAST NEWS

24×7 Around the Globe

බරපතල වංචා හා දූෂණ පිළිබඳ කල්තැබිමේ විවාදය හෙටට කල් තැබෙයි.

බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉංගී‍්‍රසි සහ දෙමළ පිටපත් නොමැතිවීම හේතුවෙන් එ සම්බන්ධයෙන් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ කල්තැබීමේ විවාදය නොපවත්වා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබිමට කතානායක කරූ ජයසුරිය මහතා කටයුතු කළේය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමුකළ අතර, එහිදී මෙ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.
ඉන් අනතුරුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සභාව කල් තැබීම සඳහා එකඟත්වය පළ කළ අතර, ඒ අනුව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව කල් තැබීමට පියවර ගත්තේය.