FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවට රිට් ආඥාවක් ගැනීමට සැරසෙයි…

නීතීපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් ,හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඞී. නවාස් මහතාට එරෙහිව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතීඥ සංගමයේ සභාපතිවරයා අද (20)ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි.
අදහසක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනාවකට ලක්වීමට සිදුවීම සම්පුර්ණ පද්ධතියටම බලපෑමට හැකියාව ඇති හෙයින් හිටපු අගවිනිසුරුවරයා සහ වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මෙසේ මැදිහත් වීමට එම සංගම තීරණය කර ඇති බවත් පැවසේ.
වෘත්තීමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනා නැඟීම පුර්වාදර්ශයක් බවට පත්වුවහොත් එය නීතීඥ හා විනිසුරු ක්‍ෂ්ත‍්‍රයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවට නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ අදහස වී ඇති බව එම සංගමයේ ආරංචි මාර්ග කියයි.
DE සිල්වා