පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එ අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බවද පැවසේ.
ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.








